හැලොවීන් එකට ගැලපෙන රස චොක්ලට් කේක් එකක් හදමු

හැලොවීන්…

ලංකාවේ අපිට ටිකක් නුහුරු දෙයක් වුණාට හැලොවීන් මුලු ලෝකෙම රටවල් ගොඩක් සමරන උත්සවයක්. අනෙක් උත්සව වගේම තමයි, හැලොවීන් එකත් එක එක සැරසිලි කරලා විශේෂ ඇඳුම් ඇඳලා සමරන දවසක්.

 

හැලොවීන් වගේම හැලොවීන් සමරන්න හදන විශේෂ කෑම ජාති ලංකාවේ අපිට අමුතුයි. සාමාන්‍යයෙන් එදිනෙදා හදන පාන්, කේක්, කුකීස් වගේ දේවල් වුණත් හැලොවීන් වලට හදන්නේ වෙනස්ම theme එකකට.

 

මේ තියෙන්නේ උදාහරණ කීපයක්

 

  1. හැලොවීන් තේමාවට ගැලපෙන විශේෂ කේක් (Halloween themed cakes)
  2. සොම්බී කප්කේක් (Zombie Cupcakes)
  3. මිනී පෙට්ටි හැඩයේ පාන් (Bread Coffin)
  4. හැලොවීන් කුකීස් (Halloween Cookies)
  5. ඉඟුරුපාන් මමී (Gingerbread Mummies)

 

අපි අද බලමු හැලොවීන් පාටි එකකට ගැලපෙන වෙනස්ම ජාතියේ චොක්ලට් කේක් එකක් හදාගන්න හැටි. මේ කේක් එක හදාගන්න නම් ගොඩක් වෙලාව යන්නේ නෑ, ඒත් හිතේ හැටියට ඒක decorate කරගන්න නම් ටිකක් වෙලාව යන්න පුළුවන්.

 

චොක්ලට් රසැති වට්ටක්කා කේක් – Chocolate Pumpkin Cake

නමේ හැටියටම මේක ටිකක් අමුතු ජාතියේ කේක් එකක්. ඔයාලා දන්නවනේ හැලොවීන් උත්සවයට විවිධ නිර්මාණ කරන්න වට්ටක්කා නැතිවම බැරි දෙයක්.  හොඳට පැහුණු වට්ටක්කා ටිකකුත් එකතු කරලා හදන මේ කේක් එක හැලොවීන් සමරන්න කියාපු අතුරුපසක්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

– 7Star පාන් පිටි කෝප්ප 2ක්

– කොකෝවා පිටි කෝප්ප 3/4ක්

– බේකින් සෝඩා මේස හැඳි එක හමාරක් 1 (1/2) ක්

– ලුණු මේස හැඳි කාලක් 1 (1/4) ක්

– මේදය අඩු බටර්මිල්ක් කෝප්පයක්

– පිරිසිදු වට්ටක්කා කෝප්ප 3/4ක් (කෑන් කරන ලද වට්ටක්කා නම් වඩාත් යෝග්‍යයි)

– සීනි කෝප්ප 2ක්

– බිත්තර 3ක්

 

සාදන ආකාරය

 

  1. මුලින්ම oven එක ෆැරන්හයිට් අංශක 350කට preheat කරගන්න. අඟල් 8ක් පමණ ප්‍රමාණයේ pans දෙකකුත් කලින්ම ලෑස්ති කරලා තියාගන්න. මේ pans වල පතුලට parchment paper එක ගානේ තියලා පාන් පිටි ටිකකුත් උඩින් ඉහින්න.

 

  1. තරමක් විශාල භාජනයකට 7Star පාන් පිටි, කොකෝවා, බේකින් සෝඩා, ලුණු එකතු කරලා whisk එකකින් මිශ්‍ර කරගන්න. තවත් මධ්‍යම ප්‍රමාණයේ භාජනයකට බටර්මිල්ක්, වට්ටක්කා සහ වැනිලා එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න. විශාල භාජනයට සීනි සහ බටර් එකතු කරලා හොඳින් beat කරගන්න. මිනිත්තු 5ක් විතර beat කළාම මිශ්‍රණය නියම ගානට හැදේවි. මෙහෙම beat කරන ගමන් spatula එකකින් භාජනයේ බිත්තියේ එකතු වෙන මිශ්‍රණය නැවතත් භාජනය ඇතුලට දාන්න අමතක කරන්න එපා. දැන් beat කරන වේගය අඩු කරලා මිශ්‍රණයට වරකට එක බැගින් බිත්තර එකතු කරන්න. ටික වෙලාවක් beat වෙන්න තියලා මේ මිශ්‍රණයට කලින් සාදාගත් මධ්‍යම ප්‍රමාණයේ භාජනයේ තියෙන බටර්මිල්ක් මිශ්‍රණය එකතු කරන්න. බැටර් එක නියම ගානට එනකල් දිගටම beat කරන්න.

 

  1. බැටර් එක සමාන කොටස් දෙකකට බෙදලා pan දෙකට දාන්න. මිනිත්තු 30 – 35ක් බේක් කරලා විනාඩි 10ක් විතර oven එකේ cool වෙන්න තියන්න. ඊට පස්සේ පරිස්සමෙන් කොන් වලට හානි නොවෙන්න pan වලින් එලියට අරන් තියන්න.

 

  1. දැන් තියෙන්නේ frosting එක හදාගන්න. සාස්පානකට බටර් ටික එකතු කරලා සාමාන්‍ය දැල්ලේ මිනිත්තු 8ක් රත් කරගන්න. දුඹුරු පාටට හැරෙනකල් දිගටම හැඳිගාමින් රත් කරලා ඊට පස්සේ විනාඩි 30ක් විතර ෆ්‍රිජ් එකේ තියන්න. හැලොවීන් වලට ගැලපෙන්න frost එක හදන්න ඒකට තැඹිලි පාට food coloring gel එක එකතු කරන්න.

 

  1. එක කේක් ලේයර් එකක් උඩින් frosting එක හොඳට ගාලා ඊට උඩින් දෙවෙනි කේක් ලේයර් එක තියන්න. ඉතිරි වෙලා තියෙන frosting ටිකෙන් සම්පූර්ණ කේක් එකම ආවරණය වෙන්න ගාන්න පුළුවන්.

 

ඔයාලා මේ හදපු කේක් එක තවත් ලස්සන කරගන්න ඕනේ නම් ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්. මේකට පාට පාට pebbles එකතු කරලා කැමති විදියටකට ඒක decorate කරගෙන serve කරන එක එක විදියක්. එහෙමත් නැත්නම් සුපර් මාර්කට් වල තියෙන කේක් decorate කරන්නම විශේෂයෙන් තියෙන නිෂ්පාදන වලින් හැලොවීන් පාටියකට ගැලපෙන විදියට මේක ලස්සන කරගන්නත් පුළුවන්.

 

කේක් එක හදලා ඉවර වුණාම හොඳට ආවරණය කරලා ෆ්‍රිජ් එකේ දවස් 3ක් යනකම් තියාගන්න පුළුවන්. මේ හැලොවීන් එකට ඔයාගේ අතින්ම Chocolate Pumpkin Cake එකක් හදන්න. මේ විශේෂ recipe එක ගැන යාළුවන්ටත් කියන්න.

 

Leave a Reply

thirteen + 7 =