වැලන්ටයින් අලුත් විදියකට

පෙබරවාරි මාසය අප කා අතරත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ පෙම්වතුන්ගේ මාසය විදියට. ලොව පුරා වෙසෙන පෙම්වතුන් පෙබරවාරි  14 වෙනිදා ට ඒ වෙනුවෙන්ම විශේෂ වුණු ආහාර වර්ග, මල් හා තෑගි තම ආදරණියන් අතරේ හුවමාරු කරගන්නවා.

හදවතේ හැඩයට සාදන ලද ආහාර වර්ග හා රතු රෝස මල් මේ අතරින් විශේෂ තැනක් ගන්නවා.

මේ නිසා ඔවුන් පෙම්වතුන්ගේ දිනයට දින කීපයකට කලින් ඉඳන්ම මේ සඳහා ලෑස්ති වෙනවා. තමන්ගේ අතින්ම පිළියෙල වුනු ආහාර වර්ගයක් තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තියට පිළියෙල කර දීලා ඔවුනොවුන් අතරේ තම ආදරය ප්‍රකාශ කර ගන්නට මොවුන් ඉතා කැමැතියි.

මේ නිසාම අද අපේ සටහන විශේෂයෙන් වෙන් වන්නේ වැලන්ටයින් දිනය සමරපු වගේම සමරන්න ඉන්න ආදරවන්තයින්ට පහසුවෙන්ම සාදාගත හැකි රසවත් ආහාර වර්ග 5ක් පිළිබඳවයි.

 

1. Heart Shaped Pancakes

සාමාන්‍යයෙන් අපි පෑන් කේක් හදන්න පුරුදු වෙලා තියෙන්නේ රවුමට. ඒත් මේ වගේ විශේෂ දවසක ට ඔබ හදාගත් කිරි, බිත්තර හා 7 Star පාන් පිටි මිශ්‍රනය heart එකක ආකෘතියක් උපයෝගී කරගෙන heart එකක් ආකාරයට පෑන් එකේ හදාගන්න පුළුවන්. මේ පෑන්කේක් වලට තවත් රසයක් එකතු වෙනවා මීපැණි එක්ක පිළිගන්වද්දි. ඔබේ ආදරවන්තයාට මේ වගේ උදේ ආහාරයක් පිළියෙල කර දීලා වැලන්ටයින් දිනය ආරම්භ කරන්න පුළුවන් නම් කෙතරම් අගේද

 

 

 

 

2. Raspberry Palmiers

7 Star පාන් පිටි එකතු කර puff pastry එකෙන් සාදාගත් Raspberry Palmiers වැලන්ටයින් සමරන්න නැතුවම බැරි ආහාරයක්. පේස්ට්‍ර්‍ එකට රාස්බෙරි එකතු උනාම රසයත් වැඩි වෙනවා වගේම පාටත් වැලන්ටයින් දවසට හොඳටම ගැලපෙනවා.

හැමතැනම දකින්නෙ නැති ආහාරයක් නිසා මේ වගේ අලුත් දෙයක් ඔයාගේ ආදරවන්තයටත් හදලා දෙන්න ඔයාටත් පුලුවන්.

 

 

 

3. Heart Shaped Cookies

කුකීස් ඕනෑම සැමරුම් අවස්ථාවක දැකිය හැකි ආහාර වර්ගයක්. තමන්ට කැමති ඕනම හැඩයකින් හදාගන්න පුළුවන් වුණාට අපි අද වැලන්ටයින් දිනය සමරන්න 7 Star කේක් පිටි මිශ්‍ර කර ගත් මිශ්‍රණය heart එක හැඩේට ඇති කටර් එකක් උපයෝගී කරගෙන ඒ හැඩයටයි කපාගන්නෙ. ඒ විදියට බේක් කර ගත්ත කුකීස් මැදට ස්ට්‍රෝබෙරි ජෑම් ටිකක් එක් කළාම කුකී එක තවත් රසවත් වෙනවා වගේම ලස්සනත් වෙනවා. එහෙමත් නැත්නම් බේක් කරගත්ත කුකීස් උඩ රෝයල් අයිසින් වලින් තමන්ට කැමති ආකාරයකට අයිසින් කරගන්නත් පුළුවන්.

 

 

 

 

 

 

 

4. Red Velvet cake

වැලන්ටයින් වල සංකේතාත්මක පාට විදියට සලකන්නෙ රතුපාට. එනිසා වැලන්ටයින් දිනය සමරන්න ආදරවන්තයින් මේ Red Velvet කේක් එක අනිවාර්යයෙන්ම හදනවා. මේ කේක් එක සම්පූර්ණයෙන්ම හාට් එකේ හැඩේට හදන්නත් පුළුවන් ඒ වගේම cupcakes විදිහට හදන්නත් පුළුවන්. මේ කේක් හදද්දී නැතුවම බැරි දෙයක් තමයි 7 Star කේක් පිටි.

මේ විදියට ආදරෙන් හදාගත්ත කේක් එකක් තමන්ගේ ආදරවන්තයාට යවලා ඔහුව පුදුම කරවන්න ඔබටත් පුළුවන්.

 

 

 

 

5. Heart Shaped Pizza

Pizza කියන්නේ අපි හැමදෙනාම ආස කරන ආහාරයක්.  තමන්ගෙම අතින් හදලා මේ වගේ pizza එකක් ආදරවන්තයට පිළිගන්වන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඒ වගේම ආදරෙත් වැඩිවෙනවා. 7 Star පාන් පිටි මිශ්‍ර කරගත් මෝලිය heart එකේ හැඩේට හදාගන්න එක විතරයි වෙනසකට තියෙන්නෙ. මේ pizza එක අපි හැමදාම දකින හැඩේ නෙමේ නිසා ගොඩක් අය පුදුම වෙයි දැක්කම.

 

 

 

 

මේ ආහාර වර්ග පහම ඔබ වෙනද දකින හෝ ඔබ වෙනද තමන්ගෙ ආදරවන්තයට දෙන ආහාර වලට වඩා වෙනස් වර්ග. හැමදාම හදන දේට වඩා අලුත් දෙයක් හදලා දීලා වෙනස් දවසක් ආදරෙන් ගත කරන්න ඔබත් කැමති නේද. ඒ නිසා ඔබත් 7 Star පිටි වලින් මේ වගේ අලුත් ආහාර වට්ටෝරුවක් හදලා ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තියවත් පුදුම කරන්න.

 

Leave a Reply

1 × 2 =