නත්තල් කෑම මේසයට අපූරු කේක් එකක්

දෙසැම්බර් මාසේ ඇවිත්, තවත් අවුරුද්දක් ඉවර වෙන්න ඔන්න මෙන්න. ලංකාවට ඍතු භේදය බලපාන්නේ නැති වුණත් දෙසැම්බර් මාසේ අපි හැමෝම කැමති මාසයක්. පොඩිත්තො නම් මේ කාලෙට ගොඩක් කැමතියි, ඉස්කෝලේ නිවාඩුව ලැබෙන නිසා.

 

දෙසැම්බර් කාලෙට ලෝකේ හැමතැනම මිනිස්සු නත්තලට සූදානම් වෙනවා. නත්තල් සැරසිලි, ගීත, ඇඳුම් පැළඳුම් විතරක් නෙවෙයි, නත්තල් කෑම ජාතිත් දෙසැම්බර් මාසේ ගොඩක් ප්‍රසිද්ධයි. මේ හැමදෙයක්ම අතරින් නත්තල් කෑම මේසයට හිමිවෙන්නේ විශේෂ තැනක්. පවුලේ හැමෝම එකතු වෙලා එකට ඉඳගෙන රස විඳින මේ භෝජන සංග්‍රහය ඒ අවුරුද්දේ විශේෂම භෝජන අවස්ථාව කියලා කියන්නත් පුලුවන්. ඉතින් ඒ කෑම මේසයට එකතු කරගන්න පුළුවන් විදියේ නත්තල් තේමාවට හොඳින්ම ගැලපෙන කේක් එකක් හදාගන්න හැටි අද ඉගෙනගමු.

 

නත්තල් රෙඩ් වෙල්වට් කේක්

 

මේ කේක් වර්ගයේ පැහැදිලි වෙනසක් තියෙනවා, ඒ තමයි ආවේණික රතු පාට. මේ රතු පාට නිසා රෙඩ් වෙල්වට් කේක් නත්තල් කාලෙට වගේම වැලන්ටයින් කේක් එකක් විදියට ගොඩක් ප්‍රසිද්ධයි. මේ රතුපාටට ප්‍රධාන හේතුව වෙන්නේ මේ කේක් එක හදන්න එකතු කරන කොකෝවා පවුඩර්. තරමක් තද රතු පාටක් ඕනේ නම් වර්ණක ස්වල්පයක් එකතු කරගන්නත් පුළුවන්.

 

වෙල්වට් කේක් වල ඉතිහාසය දිහා පොඩ්ඩක් බැලුවොත් මේ කේක් වර්ගය ශතවර්ෂ ගණනාවකට කලින් වික්ටෝරියානු යුගයේ සිට නත්තල් කෑම මේසයේ නැතිවම බැරි අංගයක් වෙලා තිබිලා තියෙනවා. වෙල්වට් කියන්නේ ඒ කාලේ තිබුණු ඉස්තරම්ම සළුපිලි. මේ කේක් වර්ගයට වෙල්වට් කේක් කියන නම පටබැඳිලා තියෙන්නේ මේ කේක් වලට ආවේණික මෘදුබව නිසාම කියලා පොත පතේ සඳහන්.

 

අපි දැන් බලමු නත්තල් කෑම මේසයට රෙඩ් වෙල්වට් කේක් එකක් හදාගන්න හැටි. හොඳට රසට බේක් කරගත්ත රෙඩ් වෙල්වට් කේක් එකක් නත්තලට විතරක් නෙවෙයි, වෙනත් ඕනෑම සාද අවස්ථාවකට හොඳින්ම ගැලපෙන විශේෂ කේක් එකක්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

7 Star කේක් පිටි කෝප්ප දෙකක්

සීනි කෝප්ප දෙකක්

කොකෝවා පවුඩර් මේස හැඳි එකක්

ලුණු මේස හැඳි එකක්

බේකින් පවුඩර් මේස හැඳි එකක්

බේකින් සෝඩා මේස හැඳි දෙකක්

බටර් මිල්ක් කෝප්ප එකක්

පොල්තෙල් කෝප්ප බාගයක්

තරමක ලොකු ප්‍රමාණයේ බිත්තර දෙකක්

වැනිලා මේස හැන්දක්

උණු කෝපි කෝප්පයක්

කේක් වර්ණක රතු ජෙල් කෝප්පයක්

 

ක්‍රීම් චීස් ෆ්‍රොස්ටින් එක සාදාගැනීම සඳහා

 

විපින් ක්‍රීම් කෝප්ප එක හමාරක්

ක්‍රීම් චීස් ග්‍රෑම් 450ක්

වැනිලා මේසහැන්දක්

අයිසිං සීනි කෝප්ප එක හමාරක්

 

 

 

සාදාගන්නා ආකාරය

 

  1. මුලින්ම අවන් එක ෆැරන්හයිට් අංශක 350කට රත් කරගන්න. අඟල් 8ක් පමණ ප්‍රමාණයේ බඳුන් දෙකකුත් කලින්ම ලෑස්ති කරලා තියාගන්න. මේ බඳුන් වල පතුලට පාච්මන්ට් පේපර් එක ගානේ තියලා පාන් පිටි ටිකකුත් උඩින් ඉහින්න.

 

  1. දැන් කේක් බැටර් එක සාදාගමු. මික්සර් භාජනයට 7 Star කේක් පිටි, සීනි, කොකෝවා පවුඩර්, ලුණු, බේකින් පවුඩර්, බේකින් සෝඩා එකතු කරලා අඩු වේගයක් යටතේ සියල්ල හොඳින් මිශ්‍ර වෙනකම් මික්ස් කරන්න.

 

  1. විශාල භාජනයේ බටර් මිල්ක්, පොල්තෙල්,  බිත්තර සහ වැනිලා මිශ්‍ර කරගන්න. ඒ මිශ්‍රණයත් එක්ක කෝපි සහ රතු වර්ණකය හොඳින් මිශ්‍ර කරගන්න.

 

  1. සම්පූර්ණ මිශ්‍රණය සාමාන්‍ය වේගය යටතේ විනාඩි දෙකක් පමණ හොඳින් මිශ්‍ර කරගන්න. භාජනයේ අඩියේ රැඳෙන කොටස් හැන්දකින් යලි මිශ්‍රණයට එකතු කරමින් දිගටම මිශ්‍ර කරගන්න. නියමිත රතු පැහැය ලැබෙනකම් අවශ්‍ය නම් පමණක් වැඩිපුර රතු වර්ණක එකතු කරන්න. බැටර් එක ප්‍රමාණවත් තරමට මිශ්‍ර වී අවසන් නම් සමාන කොටස් දෙකකට බඳුන් දෙකට එකතු කරන්න.

 

  1. දැන් තියෙන්නේ බේක් කරන්න.  බඳුන් දෙකම අවන් එකේ මිනිත්තු 30ක් 35ක් පමණ හොඳින් බේක් කරගන්න. ඊට පස්සේ අවන් එක ඇතුලෙම මිනිත්තු 30ක් විතර සිසිල් වෙන්න තියලා කේක් එක එලියට ගන්න.

 

  1. ක්‍රීම් චීස් ෆ්‍රොස්ටින්ග් එක සාදාගමු. මික්සර් භාජනයට විපින් ක්‍රීම් යොදා හොඳ මෘදු මිශ්‍රණයක් ලැබෙනකල් විප් කරගන්න. ඊට පස්සේ මිශ්‍රණය භාවිතයට ගන්න සූදානම් වෙනකල් ශීතකරණයේ තියන්න.

 

  1. මික්සර් භාජනයට ක්‍රීම් චීස්, වැනිලා සහ අයිසිං සීනි එකතු කරලා හොඳින් බීට් කරගන්න. මිශ්‍රණයත් එක්ක හොඳින් එකතු වෙනකම් විපින් ක්‍රීම් එක එකතු කරන්න.

 

  1. කේක් එකේ කොටස් එකතු කරගමු. මුලින්ම බේක් කරපු කේක් එකේ උඩ ලේයර් එක කපලා අයින් කරගෙන ඒක පොඩි කොටස් වලට කඩලා භාජනයකට දාගන්න. පස්සේ ඒ ටික කේක් එක ලස්සන කරගන්න පාවිච්චි කරන්න පුළුවන්.

 

  1. බේක් කරගත්ත කේක් දෙක කොටස් දෙක බැගින් කපාගන්න. එක කේක් ලේයර් එකක් ප්ලැටර් එකේ තියලා හොඳින් ෆ්‍රොස්ට් එකෙන් ආවරණය කරගන්න. දෙවෙනි ලේයර් එක ඒක උඩින් තියලා නැවතත් ෆ්‍රොස්ට් එකෙන් ආවරණය කරන්න. ෆ්‍රොස්ට් එක ලස්සනට මෘදුව තියෙන්න නම් ඒක ඉවසීමෙන්, හෙමින් ගාන්න ඕනේ. ඉතිරි කේක් ලේයර් එකත් ඒ විදියටම උඩින් තියලා සම්පූර්ණ කේක් එකම ෆ්‍රොස්ට් එකෙන් ආවරණය කරගන්න.

 

  1. කුඩා කොටස් වලට කඩාගත්ත කේක් කැබලි වලින් ඔයාගේ කේක් එක ලස්සන කරගන්න.

 

  1. කේක් එක පිළිගන්වන්න සූදානම් වෙනකල් ශීතකරණයේ තියන්න.

 

Leave a Reply

five + twenty =