උපන්දින සාදයකට ගැලපෙන කේක් වර්ග 5ක්

උපන්දින සාදයකට කේක් කියන්නේ නැතිවම බැරි දෙයක්. උපන්දිනය සමරන්න කේක් එකක් කපන පුරුද්ද සියවස් ගණනාවක ඉඳන් පැවත එන සම්ප්‍රදායක් කියලා ඉතිහාස පොතේ තියෙනවා. කොහොම හරි අද වෙනකොට උපන්දින කේක් බොහෝ ආකාර වලින්, විවිධ වර්ණ වලින්, හැඩ වලින්, රස වලින් ලෝකේ පුරාම දකින්න පුළුවන්. ඒවාගෙන් සමහර කේක් දැක්කම පුදුමත් හිතෙනවා – ඒ තරමටම ඒවා විශේෂයි.

 

අද වෙනකොට ලංකාවේ ගෘහණියන් හුරුවෙලා ඉන්නවා උපන්දින කේක් එක තමුන්ම ගෙදරදී හදාගන්න. ඒක ඇත්තටම ගොඩක් හොඳ නැඹුරුතාවක්. ඉස්සර වගේ කාගේ හරි උපන්දිනයකට ළඟම තියෙන කඩේට දුවලා කේක් එකක් ගෙනත් කපන සංස්කෘතිය දැන් ටික ටික වෙනස් වෙන බවක් දකින්න පුළුවන්. කඩෙන් ගන්න කේක් එකකට වඩා ගෙදරදීම තමුන්ගෙ අතින් හදලා දෙන කේක් එකක රස විතරක් නෙවෙයි, ආදරෙත් තියෙනවා.

 

ඉතින් අපි අද බලමු සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ නැති නිර්මාණශීලී උපන්දින කේක් වර්ග කීපයක් ගැන. මේවා ඔයාලට ගෙදරදීම හදාගන්න පුළුවන් විතරක් නෙවෙයි, ස්වයං රැකියාවක් විදියට කරලා ආදායමක් උපයාගන්නත් පුළුවන්.

 

මේ කේක් වර්ග පහම කඩෙන් ගන්න උපන්දින කේක් එකකට වඩා බෙහෙවින්ම වෙනස්. කේක් එක හදන්න ඕන අමුද්‍රවය ටික එකතු කරගත්ත නම් බේක් කරන එක ගොඩක් අමාරු වෙන්නේ නෑ.

 

Carrot Cake – කැරට් කේක් 

ලංකාවේ අපිට ටිකක් නුහුරු දෙයක් වුණාට කැරට් කේක් කියන්නේ විදෙස් රටවල, විශේෂයෙන් යුරෝපයේ ගොඩක් ජනප්‍රිය කේක් වර්ගයක්. සාමාන්‍යයෙන් එදිනෙදා පිළියෙල කරන බටර් කේක්, අයිසින් කේක් වගේ නෙවෙයි, කැරට් කේක් පිළියෙල කරන්නේ සාද අවස්ථාවලටයි. මේ කේක් වර්ගය හදාගන්න ක්‍රම රාශියක් තියෙනවා වගේම විවිධ වට්ටෝරු ගොඩකුත් තියෙනවා. කේක් එකකට කැරට් එකතු කලාම රස කොහොම වෙයිද? ඒක දැනගන්න නම් කැරට් කේක් කෑල්ලක් කාලාම බලන්න වෙනවා.

 

 

 

 

Red Velvet Cake – රෙඩ් වෙල්වට් කේක්

Cream cheese frosting එකක් එක්ක හදන රෙඩ් වෙල්වට් කේක් කියන්නේ උපන්දින සාදයක හැමෝගෙම ඇස් යන විදියේ බොහොම විශේෂ කේක් එකක්. විශේෂයෙන්ම රෙඩ් වෙල්වට් කේක් එකක තියෙන දිලිසෙන රතු පෙනුම නිසා ගොඩක් අය තමුන්ගේ උපන්දිනය සමරන්න මේ කේක් ජාතිය තෝරාගන්නවා. උපන්දිනය සමරන්නේ ඔබේ ආදරණීය සැමියා හෝ පෙම්වතා නම් මේ කේක් වර්ගය උපන්දින සාදයට හොඳින්ම ගැලපෙනවා. සාමාන්‍යයෙන් ලේයර් හතරකට පමණ හදාගන්න පුළුව්න් නිසා කේක් එක පහසුවෙන්ම ටිකක් උසට හදාගන්න පුළුවන්. වෙනත් කේක් වර්ගයකට වඩා තවත් විශේෂ ලක්ෂණයක් වෙන්නේ මේ කේක් එකේ ඇතුලත – ඒ කියන්නේ කේක් එක කැපුවත් ඇතුලේ තියෙන රතු ලේයර් නිසා කේක් එකට හොඳ පෙනුමක් එනවා.

 

 

Apple Toffee Crunch Cake – ඇපල් ටොෆී ක්‍රන්ච් කේක්

සාදයකට ගැලපෙන perfect කේක් වර්ග කීපයක් කියන්න කිව්වොත් එතන ඇපල් ටොෆී ක්‍රන්ච් කේක් අනිවාර්‍යෙන්ම තියෙනවා. ඇපල් ටොෆී ක්‍රන්ච් කේක් perfect කියන්න හේතු කීපයක් තියෙනවා. හොඳින් සාදාගත්ත කේක් එකක් බාහිරින් පෙනුම දැක්ක ගමන් perfect cake කියලා කියවෙන තරමට ආකර්ෂණීයයි. කේක් එක හදන්න ඇපල් එකතු කරන නිසා ස්වභාවයෙන්ම මේ කේක් වර්ගය සාමාන්‍ය කේක් එකකට වඩා ඝන බවක් පෙන්වනවා, ඒ නිසාම හැඩය වෙනස් නොවී ලස්සනට කේක් එක සාදාගන්න පහසුකම ලැබෙනවා. ලේයර් කීපයකට උසට සාදාගන්න පුළුවන් නිසා ඕනෑම උපන්දින සාදයක මේ කේක් වර්ගය හැමෝගේම අවධානය දිනාගන්නවා විතරක් නෙවෙයි, සාදයට අමුතුම ලස්සනක් එකතු කරනවා.

 

Hummingbird Cake – හමිංබර්ඩ් කේක්

හමිංබර්ඩ් කේක් එකත් ගොඩක්ම බටහිර රටවල පමණක් දකින්න ලැබෙන සුවිශේෂි කේක් වර්ගයක්.  ලංකාවේ අත්තම්මලා අලුත් අවුරුද්දට රස වෑහෙන පැණි වළලු, අලුවා, ආස්මී හදනවා වගේ බටහිර රටවල අත්තම්මලා හදන ‍රසකැවිලි අතර හමිංබර්ඩ් කේක් වලට තියෙන්නේ විශේෂ තැනක්. කාලෙකට කලින් උපන්දින සාද වලට මේ කේක් වර්ගය හදන එක trend එකක් වෙලා තිබුණා. මෑතක ඉඳන් ඒ trend එක නැවතත් ඇවිත් බටහිර රටවල හමිංබර්ඩ් කේක් වලට තියෙන ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. උපන්දින සාදයකට විතරක් නෙවෙයි, මව්වරුන්ගේ දිනය, වැලන්ටයින් දිනය සහ පාස්කු වැනි විශේෂ දින සමරන්න තෝරාගන්න කේක් වර්ග අතර හමිංබර්ඩ් කේක් ඉහලින්ම තියෙන බව කියන්න පුළුවන්.

 

Pink Champagne Cake – පින්ක් ෂැම්පේන් කේක්

සාද අවස්ථා සහ ෂැම්පේන් අතර තියෙන සම්බන්ධය ගැන විශේෂයෙන් කියන්න ඕනේ නෑ –

සියවස් ගණනාවක සිට උත්සව අවස්ථා සමරන්න ෂැම්පේන් කියන්නේ නැතිවම බැරි දෙයක්. ලංකාවේ උත්සව වල ෂැම්පේන් දකින්න ලැබෙන්නේ කලාතුරකින් වුණාට බටහිර තේමාවන්ට අනුව සැලසුම් කෙරෙන විවාහ මංගල උත්සව, උපන්දින සාද ආදියේ ෂැම්පේන් දකින්න ලැබෙනවා.  මේ කේක් වර්ගය Classic උපන්දින තේමාවකට ගැලපෙන සුවිශේෂී කේක් වර්ගයක් විදියට හඳුන්වන්න පුළුවන්. සාමාන්‍ය උපන්දින කේක් වගේ වර්ණවත් නොවී ලා රෝස පාට පෙනුමක් තියෙන නිසා මේ කේක් වර්ගය ගොඩක් දුරට තෝරාගැනෙන්නේ ව්‍යාපාරික හිතමිත්‍රයෙක්ගේ, එහෙමත් නැතිනම් සේවා ස්ථානයක ප්‍රධානියෙක්ගේ උපන්දිනය සමරන්න තමයි. පෙනුම වගේම රසින් සුවිශේෂී වෙන මේ කේක් එක පිළිගන්වනකොට ෂැම්පේන් ටිකක් එක්කම පිළිගන්වන්න අමතක කරන්න එපා.

 

මේ කේක් වර්ග පහම කඩෙන් ගන්න උපන්දින කේක් එකකට වඩා බෙහෙවින්ම වෙනස්. කේක් එක හදන්න ඕන අමුද්‍රවය ටික එකතු කරගත්ත නම් බේක් කරන එක ගොඩක් අමාරු වෙන්නේ නෑ. හැමෝම කරන දේ නොකර අලුත් දේවල් අත් හදා බලන්න කැමති අපේ ගෘහණියන්ට ඉහලම තත්වයේ 7 Star කේක් පිටි තියෙන නිසා ලෝකේ හොඳම තත්වයේ කේක් එකක් වුණත් දැන් ගෙදරදීම සාදාගන්න පුළුවන්.

 

3 Reviews

  1. Look v yummy, BEAUTIFUL !
    WHERE CAN WE GET RECIPES!

Leave a Reply

15 + 11 =